Saturday, April 20, 2024
Follow Us
“ලෝව සිටින සෑම පිළිකා රෝගීයෙක්ම සුවපත් වේවා?”

මැනික...මම යන්නයි කියලා මේ ලෑස්තීවෙන්නේ,


දන්නවද...උබ තාමත් එදා හිටියා වගෙමයි ,
ඒ ලස්සන හිනාව, ඒ ලස්සන ඇස් දෙක, ඒ කයිවාරැ කතාව....
තාමත් මාව පිස්සු වට්ටනවා...
තව වැඩි කාලයක් මගේ ලග නෑ ,
මම ගියාම අපේ දුවයි පුතයි ආදරෙන් බලා ගන්නවා නේද?
හ්ම්ම්ම්..............................
තව ආත්මයක අපි ආයේ මුනගැහෙයි
ඒදාටවත් මේ වගේ ඉක්මන් නොවි ඉන්න මම උපරිම උත්සාහ කරන්නම්.....
මේ ආත්මයේ ගත කරන්න බැරි උන ලස්සන කාලේ
අපි ලබන ආත්මයක ආයෙත් විදිමූ
මේ ආත්මයේදි මගින් නතර උන අපේ ආදරය අපි ආයෙත් අලුතින් ලියමූ.....
අපේ ඇස් වලින් වැටෙන මේ කදුලූ බිදු වලට එන්නෙපා කියලා කියමූ....
මට ඔයාවත්..ඔයාට මාවවත් නැති වෙන්නෙපා කියලා පතමූ....
ආදරේ කියන්නේ පපුව හීරෙන එකට..ඒ මැද්දෙන් හිනා වෙන එකට...
මේ ජීවීතේ හරි පුදුමාකාරයි....අපි හැමදාම සතුට හෙව්වේ අපිට අයිතියක් නැති තැන්වලමයි..සමහර විට එහෙම වෙන්නේ සංසාර පුරුද්දට වෙන්න ඇති...ෛදවය ඇයි අපිට මේ තරම් නපුරැකම් කලේ... සතුටු අවසානයක් නැති ආදර කතාවක සංසාරේ පතාගෙන ආපූ ආදරය ඔයා.....
මට යන්න තව ටික දවසයි....හැමදේම පපුවේ මැද්දේ තද කරන් මම අද සූදානම්...ඔයාගේ තුරැලට ඇවිල්ලා උණුහුම විදින ගමන් මගේ ඇස් පියා ගන්න.....එදාට මාව හයියෙන් බදාගෙන මගේ නලළට හාද්දක් තියනවා නේද රත්තරන්.....

Lakmal Sinharage photography