Monday, May 06, 2024
Follow Us
නෙරූදා

නෙරූදා නොලියු කවිය ලිවීමට අශෝක හඳගම පොළඹවන්නේ නෙරූදා ගේ Memoirs නම් වූ පොතේ කොටසක්. මවිසින් පරිවර්තනය කළ නෙරූදා ගේ පොත දැනට මුද්‍රණයට ගිහින්. පොතේ කෑල්ලක් මෙහෙම දාන්න මට පෙළඹවීමක් ඇති කළේ හඳගම ගේ අර අපූරු කවියයි.


තිරිඟු අස්සෙ ආදරේ
මම උඩුබැලිව ඇස් ඇරගෙන බොහෝ වේලාවක් දිග ඇදී සිටියෙමි මගේ මුහුනත් අතුත් පිදුරු වලින් වැසී ඇත. රත්‍රිය පැහදිලිය,සීතලය.එසේම විනිවිදින සුළුය.සඳ නොමැත. එහෙත් තාරකා ලඟදී වට වැස්සෙන් තෙමී ගත්තා සේ බලාසිටි. හැමෝම කිසිවක් නොදකින ලෙසින් නිදා සිටියදී ඈත අහස් තලයේ සිට ඒවා මා වෙනුවෙන් පමණක් බබලයි.ඉනික්බිති මම තද නින්දට වැටුනෙමි.එහෙත් හදිසියේ මා අවදි වූයේ යම් කිසිවක් මා වෙත ඒන බවක් දුටු බැවිනි.ආගන්තුකයකු ගේ සිරුරක් පිදුරු අතරින් ඇදෙමින් මා වෙත සමීප වෙයි. මා වෙත ගාටන නොහඳුනන හැඩයට තැලී පිදුරු රොද එකටෙක ගැටෙනු මට ඇසෙයි.මගේ සිරුරම දරදඬු වී බලා සිටී. මා වහා නැගිට කෑ ගැසිය යුතුව ඇත. මම නිහඬවම සිටියෙමි.හුස්ම හෙලන හඬක් මගේ හිස අබියසින්ම ඇසෙයි.
එක්වරම අතක් මා මතින් ලිස්සා ගියේය. එය විශාල රළු අතකි. හැබැයි එය ස්ත්‍රියක ගේය.එය මගේඇහිබැම ,මගේ ඇස්, මගේ මුහුන මත මෘදුව දිව ගියේය.ඉනික්බිති කෑදර මුවක් මගේ මුව සමග පැටලිනි. ස්ත්‍රියකගේ සරීරයක් පාද වලට යන තෙක්ම මගේ සිරුර අරා වැතිරී තිබේ.
ක්‍රමයෙන් මගේ බිය ඉමහත් සතුටකට පෙරලිනි.මම මගේ අතකින් ඇගේ ගෙතූ කෙස් වැටිය, සුමුදු ඇහිබැම, පොපි මල් මෙන් මට සිලුටු වැසුනු ඇස්, අත ගෑවෙමි. ඇගේ රහස් තැන් සෙව්වෙමි. පිරී ගිය තද දෙතනක් මම ස්පර්ශ කළෙමි. පුලුල් වූ රවුම් තට්ටම්, මා වටා එතී තිබුන කකුල් මට හසු විය. කඳුකර පෙඳ බඳු ඇගේ කෙසරු තුළ මගේඇඟිලි එරිනි.ඒ නිර්නාමික මුවින් වදනකුදු පිට නොවීය.මොන මගුලකට වත් නොඇහෙරෙන, පිරිමි හත් අට දෙනෙක් සමග හවුලේ නිදා සිටින පිදුරු කන්දක් මත, ශබ්ද නොනගා, සංසර්ගයේ යේදිම අතිශය දුෂ්කර ය. පරෙස්සමෙන් කළ යුතු වුවත්, අපට ඔනෑම දෙයක් කළ හැකි විය. ටිකකට පසු එක්වරම, ආගන්තුක ස්ත්‍රිය මා අසලම තද නින්දට වැටුනාය.මින් මම තැති ගත්තෙමි. ඉක්මනින්ම එළි වනු ඇතැයි මට සිතිනි. මුලින්ම අවදිවන කම්කරුවන් කමතේ මා පසෙක නිරුවතින් වැතිරී නිදන ගැහැනිය දකිනු ඇත. එහෙත් මමද නින්දට වැටුනෙමි.
නෙරූදාගේ ජීවිතය කියන්නේ සරාගී කවියක් තමයි!

Saman Wickramaarachchi

(Facebook)