Monday, May 06, 2024
Follow Us
ගමෙි කඩෙි

ගම්මානයේ තිබුනු සුන්දර තැනක් තමයි ගමෙි කඩෙි කියන්නෙ.එතනට ගොඩවෙන ගොඩක් අය අවශ්‍යතාවයටම ආව කියන්නත් බෑ.කෙනෙකු එතනට එන්නෙ දවස පටන් ගන්නකොට තවත් කෙනෙක් එන්නෙ දවස අවසන් කරනකොට.දවස පටන්ගන්න කෙනා එන්නෙ කලින් දවසෙ හවස වගේම රෑ ග⁣මෙි සිදුවුනු දේ අරගෙන.


" මුදලාලි දන්නද වැඩක්.අර හේතන්ගෙ කෙල්ල වැව ලගදි කළු කුමාරය ගහලනෙ"
" ඊයෙ රෑ මාරවිලමහත්තය අසනීපවෙල."
මෙි වගේ පුවත් තමයි අරගෙන එන්නෙ.ඒවා ඔය ගමෙි කඩෙි කියන තැනින් ඉක්මනට ගම පුරා ප්‍රචාරණය වෙනව.ගොඩක් පුවත් වල තියෙන්නෙ සුභවාදී ආකල්ප පිරිච්ච ඒවා නම්නෙවෙයි.එයින් ඇති යහපතක් වෙන්නෙත් නෑ.
ඊළගට රෑට හවසට කඩෙිට එන අය අරගෙන එන්නෙ නගරයේ තියෙන අලුත් දේ ගැන විස්තර.ඒවිස්තර නෙවෙයි මුදලාලිට වැදගත් නග⁣රෙ තිබුන වැරදි ටික.මොකද තේ එකක් බොන කෙනෙක් බනිස් ගෙඩියට කන්වර්ට් කරන්නත් බනිස් ගෙඩියෙන් දවල් කෑම වෙනකන් ඒ මනුස්සය තියාගන්නත් හොද මාතෘකා කිහිපයක් අවශ්‍ය වෙනව.
ඉතින් ඒ වගේ තමයි අද තියෙන පුවත් නාලිකාත්.ඔවුන් උදේ කියන පත්තර වාර්තා හැම එකක්ම මාධ්‍ය වාර්තා හැම එකක්ම මාකටින් වැලිව් එකක් තනන පුවත්,අපි හරියටම කිව්වොත් වැල වගේ අැදගෙන යන්න පුළුවන් ඒවා.ඔවුන් ගේ පුවත් ඇහුවහම අපට හිතෙන්නෙ හොද එක මිනිහෙක්වත් නැද්ද හොද එක වැඩක්වත් පහුගිය දවසෙ වුනේ නැද්ද වගේ දෙයක්.
නෑ ඇත්තටමකිව්වොත් එහෙම දේ වෙනව.මිනිස්සුන් මිනිස්සුන්ට උදව් කරනව.හොදම තත්වයන් කවදාවත් එ⁣ලබෙන්නෙ නෑ.අහිතකර තත්වය තුලින් තමන් හොද තත්වයන් උදාකරගන්න වෙන්නෙ.මාධ්‍ය සිදුකරන්න ඔිනා ජනතාවගේ ඔළුව කන්නෙ නැතිව තියෙන තත්වයෙන් තම තමන්ට හැකි ලෙස උඩට එන්න උදව් කරන එක.
පෞද්ගලික න්‍යාය පත්‍රවලින් රටෙි මිනිසුන්ව සුවපත් කරන්න බෑ.උදේ දවල් රෑ නිතරම අපිට කියවන්න අහන්න ලැබෙන්නෙ රිනාත්මක දේවල් නම් ධනාත්මක දේකට හිත යොමුකරගන්නෙ කොහොමද කියල වෙලාවකට ඔබට හිතෙනව ඇති.ඒකට කරන්න තියෙන්නෙ ගමෙි කඩෙි ඔිප දූප ගානට වැටුනු පුවත් ආරංචි වගේම වැරදි විතරක් පෙන්වන තැන් වල නොඉද වට පිටාවෙි ඇති පුංචි හොද දෙයක් හරි අගේ කරන එක.
ගමෙි කඩෙි වුනත් මුදලාලි ගමෙි අහවලා වැරදියි කියල කියයි.ඒකට ඔබ දෙන උත්තර ය එක්ක අලුත් කතාවක් ඊළග ට එන කෙනාට කියයි.එවන් දේ වපුරන මාධ්‍ය තුල නොසිටින්න.මොකද වසංගතයෙන් අපි මැරෙන්නෙ එක පාරයි.නමුත් අපි එවන් අයගේ වචන වලින් නොමැරී මැරෙනව,බිය වගේම සැක සංකා මතුවෙනව,ආතතියන් ඇතියෙනව.ඊලගට බෙහෙත් ටිකක් ගන්න තියෙන සල්ලිත් තවකාගෙ හරි උපදේශයකට වැය කරන්න වෙනව.
හිත ලෙඩ කරගෙන උපදෙස් ගන්නවට වඩා හොදයි හිත ලෙඩ කරන දෙයින් ඈත්ව ඉන්න එක
| නදීෂ නිර්මාණ හේරත්