Tuesday, May 07, 2024
Follow Us
ඇය ඇවිදගෙන පැමිණියාය

සෙනසුරාදා හවස වැඩමුරය.


හයේ කණිසම වැදීමට පෙර..
ඇය ඇවිදගෙන පැමිණියාය......
මවගේ අතින් අල්ලාගෙන දොලොස් වසැති හොදින් වැඩුන ඇය,
අතේ කොලයකි, පුද්ගලිය වෛද්‍ය මද්‍යස්ථානයක SPO2 60%, fever day 3
60% වෙන්න බෑ 60ක් නම් කොහොමද ඇවිදින්නෙ බලපු පල්ස් ඔක්සිමීටර් එක වැරදි ඇති...
මගේ හිත...
වෙනදට වඩා පොඩ්ඩක් මහන්සියි වගේ,
මවගේ වචන...
අල්ලපු ගෙදර පුතාට කොරෝනාලු, එයා ගෙදරින් කොහෙවත් ගියේ නෑලු, එයාගෙ අම්මනම් දවසක් හම්බුනාලු.....
මල්ලී සස්පෙක්ටට් නේද.. PPE දාලම බලමු..
අයිය මේක ඇන්දම බබාලන්තෙ තොත්ත බබා වගේ...
ඇදීමට සහය වන අතර පැහුනු කෙස් කිහිපයක් හිමි ජේෂ්ඨ වෛද්‍යවරයාට පොඩි විහිලුවක්
කොහේදෝ සිට හදිසි ප්‍රතිකාර ජේෂ්ඨ වෛද්‍යවරියත්(emergency SR) එතනට..
ඔය ඉතින් ජෝන් නෝනා ආවනෙ. හොද බබාලගෙත් සැචුරේෂන් අඩුවෙන් පෙන්නනකොට මොකද බැලුව අපි. තවත් සරදමක්....
එකවරම
ඩොක්ටර් බබාගෙ SPO2 56%යි.....
හෙදියගේ හඩ....
වියකුනා සියලු සිනාවන්.. හැපී හයිපොක්සියා... Life threatening....
බබාව ගන්න බෙඩ් එකට. ඔක්සිජන් දාන්න..
ඇවිදගියා ඇය ඇදවෙතත්.......
මුලින්ම RAT කරල ඉමු. සහෝදර ජේෂ්ඨ වෛද්‍යවරයා පරීක්ෂා කරන අතර සාම්පල ලබාගනිමින්.. Emergency SR හා තවත් හෙදියක් ගෝනිබිල්ලා ඇදුම(PPE) තුලට
RAT Positive.........
Sir, 12 years old previous medical hx නැති බබෙක් ආව. With ඔක්සිජන් සැචුරේෂන් 60-65. විශේෂද්‍ය වෛද්‍යවරයාට ඇමතුම..
High flow ඔක්සිජන් දාගන්න..
විනාඩි පහක් යන්නට කලින් ඔහු එතන..
කසුන් Tube කරල ICU දාන්න රෙඩී වෙන්න. ඇනස්තීසියා අයටත් ඉන්ෆෝම් කරන්න. සහ තවත් උපදෙස්...
ඔහුත් ගෝනි බිල්ලා ඇදුම තුලට...
මම ෆෝම් පුරවමින්.. ඩොක්ටර් බබා ඇරෙස්ට් උනා... හෙදියකගේ හඩක් සමග කලබලයක්....
එක්වරම...
මා පියා රෝහල්ගත කරනවිටත් SPO2 ටිකක් අඩුවෙන් තිබ්බෙ. එක පාර මෙහෙම උනොත්...
විදුලියක් ඇගදිගේ එක්වර...
අක්කෙ මමත් ඇතුලට යනවා.. සහෝදර වෛද්‍යවරියගෙන් උදව් ඇතුව විනාඩියෙන් ගෝනිබිල්ලා තුලට..
මම යනවිට හර්ද සම්බාහනය පටන්ගෙන විනඩි 2ක්..
No heart.. Continue CPR....
වෛද්‍යවරුන් පහක්, හෙදියන් දෙදෙනෙක්, කනිෂ්ට කාර්‍යමන්ඩලයේ දෙදෙනෙක්, පැයක මහන්සියකට පසු....
මද සහනයක්... ටියුබ් කරගෙන....හාට් තියනව.... ටිකක් ස්ටේබල්....
ඇදුම් දාඩියෙන් පෙගී මහන්සිය දැනුනත් යම්කිසි අපේක්ෂාවක් හිත් තුල...
තව පැය දෙකකට අධික යුද්ධයකට පසු..
ඇදමතින් ගෙනගියා ඇය...
දැඩි සත්කාර ඒකකය වෙත....
අල්ප බලාපොරොත්තුවක් පිට....
නික්මෙන්නට මත්තෙන්.. කෙලෙස කියන්නද මවට දහසක් බලාපොරොත්තු ඇතිව හැදූ දුව්නී ගැන..
එලියට බට විගස.. පිංදුනි ඇය.. ගත්ත වෙහෙසට ඇගේ දුව රැකුමට..
හිතින් මම ඒ පින..
පුදදුනි මා පියා රකිනා ඒ පුතුන්ට..
නැවත එනවිට..
තවත් සස්පෙක්ටඩ් කිහිප දෙනෙක්..
තව RAT තුනක්.. දෙකක් positive...
ගෝනිබිල්ලා ගලවද්දි 11ටත් ලගයි...
අදදින උදෑසන
පළමු රාජකාරිය
විමසීමු ඇය ගැන දැඩිසත්කාරයෙන්...
Full blown covid pneumonia. Maximum settings වල ඉන්නෙ.....
ඒ වචන තුල අවිශ්වාස වූ ජීවිතය...
පෙරදා ජවය නැති උවත්...
කරමි වැඩ මම...
රැක ගන්න ජීවිත...
මද්‍යහනයේ පුවතක්...
සෞඛ්‍යය දෙවියන්ට බාර දී ඇති බව...
ආදරණීය අම්මේ තාත්තේ අහපියව්... තමන්ගෙ ළමයි ගැන හිතපියව්...
කොරෝනා එන්නේ පලාත් මායිමෙන් නොව.. වැට මායිමෙන්.. හිතටගනිව්...
එයාලා යුද්දයකලු. දැඩිදඩුවම් දීල නවත්තනවලු.
අපිටත් දැන් මහන්සියි......

(facebook)