Friday, March 29, 2024
Follow Us
සැමියෙකුගේ සටහනක්...

දින කිහිපයක් මං බලා සිටියා හැමදාම ඇය ඇඳුම් උනා දමා කන්නාඩිය ඉස්සරහා විනාඩි කිහිපයක් ඇය දෙස බලා සිටිනවා. ඇය ඒ පැත්තට මේ පැත්තට හැරි හැරී ඇගේ ශරීරය දෙස බලනවා. බඩට අත තියලා බඩ ඇතුලට තද කරලා බලනවා. එල්ලා වැටෙන පපුව අත් දෙකෙන් උස්සලා තියලා බලනවා. හරියට ඇගේ ශරීරයේ කලිං තිබුණ දේවල් කිසි දෙයක් දැන් තිබිය යුතු නිසි තැන නෑ වගේ. ඇය ඒ දෙස බලා නැවත ඒවා ඒ තිබුන විදියටම සකස් කරන්න උත්සහා කරන සැටි මං හැමදාම හොරෙන් බලා සිටියා. ඇය ඇගේ ශරීරය දෙස කන්නාඩියෙන් බලන හැම අවස්තාවකම ඇය සිටින්නේ කණගාටුවෙන් බව මට තේරුනා.


දිනක් මං කන්නාඩිය අරන් හංඟලා තිබ්බා. ඇය වැඩ ඇරී නිවසට පැමිණ ඇඳුම් උනා දමා කන්නාඩිය දෙසට හැරුනා. නමුත් කන්නාඩිය එතන නොවීය.
ඇය මගෙන් ඇසුවා "කෝ කන්නාඩිය"...
මං කිව්වා "මං ඒක අරන් තිබ්බා"...
"ඇයි ඔබ ඒක අරන් තිබ්බේ" ඇය ඇසුවා...
"මොකද ඒක ඔයාට පෙන්නන් නෑ මං දකින දේ..., මං දකිනවා ලස්සන ගැහැනියක්. මහන්සියෙන් කැපවීමෙන් තමන්ගේ රැකියා කටයුතු කරන, ඉගෙන ගන්න, තමන්ගේ බලාපොරොත්තු අධිෂ්ඨානයන් ඉෂ්ට කරගන්න කැපවෙන, ඒ වගේම මගේ දරුවොන්ගේ අම්මා, මේ හැම වැඩ රාජකාරියක් අස්සේම මං වෙනුවෙනුත් කාළය වෙන්කරන ඒ මං දකින සුන්දර ගැහැනිය ඔයා කන්නාඩිය තුළින් නොදකින බව මං දන්නවා"... ☺️?❤️
ඇගේ දෑස් කඳුලින් පිරිණි. මාව තදින් වැලඳගත් ඇය කීවේ " ඔයා නැත්නම් මට මොනා වෙයිද... මං දන් නෑ ඔයා නැතුව මං මොනා කරන්නද කියලා"... ?❤️
සමහරවිට ඔබේ බිරිඳගේ සැමියාගේ ආදරණීය එක වචනයක් ඇති ඇයට හෝ ඔහුට ඔවුන්ගේ දැනෙන අඩුපාඩුකම් නොදැනෙන්න. ??
ඒ හැම අඩුපාඩුකමම නොදැනෙන්න ඔවුන්ට ආදරය කරන්න. ?❤️
එකිනෙකා තුළ එකිනෙකා වෙනුවෙන් ඇතිවන ඒ හැඟීම කන්නාඩියකින් පෙනෙන දේට වඩා වැඩි බව දැනෙන්න. ??❤️
~•~ කෞෂලි බන්ඩාර ~•~ ✍️✍️✍️