Saturday, April 20, 2024
Follow Us
ඇයට අවශ්‍ය සම තැන හෝ නිසි තැන නොව ඇගේ තැනයි

මාර්තු 08 වෙනි දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සටහන් තබමි...✍️✍️✍️✍️✍️✍️✍️


ඇයට අවශ්‍ය සම තැන හෝ නිසි තැන නොව ඇගේ තැනයි
????????????
මාර්තු 08 වන දින මෙවර ලෝක කාන්තා දිනය අපට සමරන්නට සිදුවී ඇත්තේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කුරුවිට තරුණියගේ කුරිරු ඝාතනය සම්බන්ධ උණුසුම තවමත් පහව නොමැති වාතාවරණයක එළිපත්තේ සිටගෙනය.
???
එය මෙවර ලෝක කාන්තා දින සැමරීමේදී රටක් ලෙස ගත් කල ඛේදනීයයි.
සෑම දෙයකටම ලෝක දිනයක් වෙන් කර එකී දිනයන් වල සැමරුම් සිදු කළත් ගැහැණිය ගැන කථා කිරීමට දින 365ත් ප්‍රමාණවත් නැති තරම්ය.
ගැහැණිය යනු කවුරුන්ද ?
ඇය මවක්,බිරිඳක් ,දියණියක් ,සොහොයුරියක්,නැන්දම්මා කෙනෙක්,මිත්තණියක්.මිණිබිරියක් ආදී මෙකී නොකී විවිධ ජීවන භූමිකා රඟ දක්වන ලොව විශිෂ්ඨතම මානව කොට්ඨාශය යැයි කිවහොත් මා නිවැරදි යයි සිතමි.එය එසේ වන්නේ ඇයි?
ගැහැණිය තරම් දරාගැනීම් සිදුකරන,නොයෙක් නින්දා අපහාස උහුලන,නමුත් අනෙකාගේ සුභ සිද්ධියම පතන අනෙකාට සමාව දෙන අවසානයේ කඳුළු අතරින් සිනහසෙන ඇය තරම් තව කෙනෙක් මේ ලොව නොමැති නිසාය.
?️ඇය දරු ප්‍රසූතියකදී පිරිමියකුට දරන්න තියා සිතාගන්නවත් නොහැකි ඩෙල් ප්‍රමාණයක රිදීමක් දරා ගනී.
?️ඇය දරු ප්‍රසූතියකදී ඇතැම් පිරිමියකු ඉන්ජෙක්ෂන් කට්ටක්වත් විදගැනීමට බිය වන ලොවක දරුවකු බිහි කිරීම වෙනුවෙන් තම සියුම් අවයව කපන කොටන වේදනාවන් විඳ දරාගනී.
?️ඇය පූර්ව ප්‍රසව සමයේ මෙන්ම දරුවකු බිහිකිරීමෙන් පසුවත් තම රූපය නඩත්තු කිරීම පසෙක ලා අළුයම දිවා රෑ නොතකා දරුවාට කිරි දීමේ සිට දරුවා වෙනුවෙන් කළ යුතු සියළු යුතුකම් ඉටු කිරීමට වගකීමෙන් බැඳී කැප වෙයි.
ගැහැණියකගේ දරාගැනීම පිළිබඳ මීට එහා සාක්ෂි කුමකටද????
එසේම,
ඇය මවක් හා බිරිඳක් ලෙස තම පවුලේ සාමාජිකයන්ගේ කුසගිණි නිවාලීමට තුන් වේල ලිප ළඟ ගිණි කමින් අහර සපයයි.මෙහි සුවිශේෂීත්වය වන්නේ පිරිමියා අසනීපයදී විවේක සුව වින්ඳද ගැහැණිය තම අසනීප පවා නොතකා ගෙදරක සියළු ම රාජකාරි නොපිරිහෙලා ඉටු කිරීමයි.
ජීවන රඟමඩලෙහි මවක් ,බිරිඳක් ,සොයුරියක් ආදී ලෙස විවිධ චරිත ගෙනහැර දක්වන ඇය තවත් උප චරිත රැසක් නිරූපණය කරන්නේ ලොවක පැවැත්ම උදෙසා අපමණ වෙහෙස දරන්නී ඇය බව මොනවට පසක් කරමින්.
සැබැවින්ම නිවසක සිටින ගැහැණිය යනු
✅ නිවැසියන් ගේ ගැටලු වලට විසඳුම් දෙන "මනෝඋපදේශකවරියකි".
✅ නිවැසියන් ගේ ලඩේදී දුකේදී බේත් හේත් සපයා දී උවටැන් කරන"හෙදියකි"."වෛද්‍ය වරියකි".
✅ තම නිවැසියන් හැකි සැමවිටම සහ හැකි උපරිමයෙන් ම යහමගට ගන්නට වෙර දරන හරි මග පෙන්නන "මාර්ගෝපදේශකයෙකි".
✅ නිවැසියන් ට ගුරු හරුකම් දෙන "ගුරුවරියකි".
?ඇය විවාහයකදී තමාට කුඩා කල පටන් හිමිව තිබූ පියාගේ වාසගම ඉවත් කර තම සැමියාගේ වාසගම භාවිතා කිරීම,අනන්ත අප්‍රමාණ දුක් විඳ මෙලොවට බිහි කළ තම දරුවන්ට සැමියාගේ වාසගම යෙදීම , කොපමණ උසස් රැකියාවක් කළද විවාහයෙන් පසු ඇතැම් අවස්ථාවන් වලදී තම පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් රැකියාව අත් හැරීමට සිදුවීම , රැකියා විරහිත කාන්තාවක් නම් පවුලේ ආදායම් මාර්ග සමබරව පවත්වාගෙන යාමට ස්වයං රැකියා කිරීම තුළින් තම පවුලේ දියුණුව ට දායක වීම ආදී කරුණු ගැහැණියක් කරන කැපකිරීම් වෙනුවෙන් කදිම නිදසුන් සපයයි.
මේ සියල්ල ඔබ මා හොඳින් ම දන්නා කරුණු..........
ගැහැණිය නොමැති ලොවක පිරිමියකුට පැවැත්මක් හෝ ජීවයක් නොමැත.
පිරිමියකු විසින් ගැහැණිය ක තේරුම් ගත යුත්තේ සෙමින් සෙමින්..
ඒ සඳහා පිරිමියකුට මනා හික්මීමක් සහ ඉවසීමක් තිබිය යුතුමයි.
ඇය නොකියා කියන්න හදන පණිවිඩය තේරුම් ගැනීමේ හැකියාවක් පිරිමියකුට තිබිය යුතුමයි.
?ගැහැණිය යනු සියළු දේ දරාගන්නියක් නිසා තමන් කැමති දෙයක් වත් හඬගා ඉල්ලන කෙනෙකු නොවේ
?එසේම තමන්ට ලැබිය යුතු දේවල් නොලැබෙන තැනදී නිහඬ ව ඉන්න කෙනෙකුත් නොවේ.(ආදරය වැනි සියුම් කාරණා වලදී)
මෙය තේරුම් ගැනීමේ ඉවක් පිරිමියකු සතු විය යුතුයි.
ගැහැණියක් යනු ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තරම් එඩිතර හිතක් ඇති කෙනෙකි.වර්ථමාන සමාජය තුළ විවිධ ක්ෂේත්‍රයන්හී වගකීම් සහිත නිළතල උසුලන කාන්තාවන් සේම ,
මෙතෙක් පිරිමින්ට පමණක් සීමා වී තිබුන
පොල්ගෙඩි කැඩීම,පෙදරේරු කර්මාන්තය ,දොඹකර ක්‍රියාකරවීම, ගුවන් නියමු ක්‍රියාන්විතය ආදී බැරෑරුම් සහගත දුෂ්කර වෘත්තීන් වල නියැලීමට තරම් ගැහැණිය ශක්තිමත් වී ඇත.
තත්වය මෙසේ වුවද ගල් යුගය පසු කර ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති කාලයක අදටත් ගැහැණිය පිළිබඳව ගොඩනැගෙන පහත් ආකල්ප දුරු නොවීම විශාල මානව අර්බුදයකි.
✖️පිරිමියෙකුගේ පහත් ආශාවන් ඉටු නොවෙන තැන ඇයට බඩුවක් යැයි නින්දා අපහාස කිරීම.
✖️පුරුෂාධිපත්‍ය යන සංකල්පයේ ශේෂ වූ නටඹුන් අදටත් සමාජයේ පවතින බැවින් "ගැහැණිය නිතරම පිරිමියාට පසුපසින් සිටිය යුතුයි"සිතෙන තැන් රැකියා ආයතන තුළ මෙන්ම සමහර පවුල් ජීවිත තුළත් ඉස්මතු වී පෙනෙයි.
⚠️️ මාලිමාවක කටුව උතුර දෙසටම හැරෙන්නා සේ වැරැද්දක් ඇතුවත් නැතුවත් බොහෝ කාරණාවලදී මේ සමාජ රාමුව තුළ ගැහැණිය වෙතම ඇඟිල්ල දිගු වීම හරිම ශෝචනීයයි.
ඉතින් ලෝක කාන්තා දිනය සමරන සියළු ම කාන්තාවනි...........
ඔබ තරයේ මතක තබා ගතයුතු කරුණක් ඇත.
?"ගැහැණිය යනු සතෙකුටත් වඩා ඉවක් ඇති අයෙකි.ඉදිරියේ එන කරදර විපත් යම් දෙයක් පිළිබඳව විමසුම් සහගතව බැලීමේ නුවණක් සහිත බව "ඉව" යන්නෙන් අදහස් කෙරේ.
අනතුරක් කලින් දැකීමේ සියුම් ඉවක් ගැහැණිය සතු වුවද ගැහැණිය යනු අවසාන තීරණය වරද්දගන්නා සම්භාවිතාවය බොහො සෙයින් වැඩි පිරිසකි."?
?️?️?️?️?️?️?️?️?️
තමා පතනා ආදරය අල්ප මාත්‍රයකදු තවකෙකු සතු නොවනු දැකීමේ ආදරණිය ආත්මාර්ථකාමීත්වය නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණ මෑත කාලීන කුරුවිට දිලිනි යශෝධ ලා
සේම........
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඇසුණ "ඇඩ්ලින් විතාරණ නඩුව " විමසා බැලුවහොත් මා ඉහත කී කාරණය ඔබට හොඳ හැටි වැටහෙනු ඇත.
????????
පෙමින් වෙලුන මනමේ කුමරු සමඟ වනයේ ඇවිදිමින් යන විට අනතුරක් අත ළඟ බව මනමේ කුමරිට වැටහුණ ද අවසානයේ වැදි රජු අතර කඩුව දුන්නේ ඇය අවසන් තීරණය වරද්ද ගත් බැවිනි .
??????????
✖️එවන් "මනමේ කුමරියන් "අදත් අඩු නැත.
✖️ආදරණීය ආත්මාර්ථකාමීත්වය නිසා ජීවිත අහිමි කරගත්" ඇඩ්ලින් විතාරණ ලාද" අදත් අඩු නැත.
✖️විජය ලා අත හැරි දරුවන් සමඟ තනිවී සනුහරෙන්ම දොස් අසන" කුවේණි ලාද" අදත් අඩු නැත.
✖️උතුම් පාරමිතා පුරා ගැනීමට අත් වැලක් වුණ "යශෝධරාවන්ද" අදත් අඩු නැත.
නමුත්,
✅ එන පොට හොඳ නැති බව වැටහී අනතුර වළක්වා ගැනීමට නිවැරදි වෙලාවේදී නිවැරදි තීන්දු තීරණ ගන්නා "කුණ්ඩලකේශී"ලා අද බොහෝ හිඟය......
වෙන්නේ කව්ද? යන්න කාන්තාවන් වූ ඔබ අද පටන් හෝ තීරණය කරන්න..
????????එය මල් මෙන් ලෝකය සුවඳ කරාවී.....
අදහස් අකුරු කළේ✍️ එස්මී නිරෝෂිණී සේනාරත්න (S meee)