Thursday, April 25, 2024
Follow Us
සුදු කොණ්ඩෙට හේතුව....

තැනින් තැන සුදුවෙමින් තියන තමන්ගෙ කෙස්ගස් දිහා කණ්ණාඩියෙන් බලාගෙන යමක් හිතමින් ඉන්න තමන්ගේ තාත්තා ගාවට හෙමීට ලංවුන පුංචි පුතා තාත්තගෙන් මෙහෙම ඇහුවලු.

පුතා : ඇයි තාත්ති ඔයාගෙ කොණ්ඩ ගස් තැනින් තැන සුදුවෙලා තියෙන්නෙ..??

පොඩි එකාගෙ නහෙට අහන්නෙ නැති වැඩ ටිකක් නවත්ත ගන්න emotionally blackmail කරන්න චාන්ස් එකක් පාදගත්ත මේ තාත්තා පුතාට මෙහෙම උත්තර දෙනවා.

තාත්තා : පුතා තාත්තිව කේන්ති ගස්සන, තාත්තට දුක හිතෙන වැඩක් කරන හැම වෙලාවකම තාත්තගෙ කොණ්ඩ ගහක් සුදු වෙනවා

පොඩි එකා ටිකක් වෙලා කල්පනා කරමින් ඉඳල මූණ ඇඹුල් කරගත්තලු. වැඩේ හරි කියල හිතපු තාත්ත ආපහු පොඩි එකාට ලං වුනා.

තාත්තා : ඇයි පුතා...??

පුතා : ඔයා මහ නපුරු නරක මනුස්සයෙක් තාත්ති.

ලැබුන උත්තරෙන් හොල්මන් වුන තාත්තා පුතාගෙන් මෙහෙම අහනවා.

තාත්තා : ඇයි පුතා ඔයා එහෙම කියන්නෙ...??

පොඩි එකා තාත්තා දිහා බලන් මෙහෙම උත්තර දෙනවලු.

පුතා : බලන්න තාත්ති සීයගෙ කොණ්ඩෙ ඔක්කොම සුදුයි. එක කළු කෙස් ගහක් නෑ. ඔයා මහ නපුරු නරක මනුස්සයෙක් තාත්ති... 

 

නිසන්ක

nisa