Sunday, September 27, 2026
Follow Us
සමහර දුක්...වචන වලට පෙරළන්න බැරි තරම් බරයි
"සමහර දුක්...වචන වලට පෙරළන්න බැරි තරම් බරයි. "
හිනාවෙලා ඉන්නවා කියලා
හිතේ දුකක් නැහැ කියලා
කවදාවත් හිතන්න එපා…
සමහර හදවත්
කඳුළු පෙන්වන්නේ නැහැ,
ඒවා රෑට නිහඬවම
තමන්ගේ වේදනාව දරාගන්නවා...
ආදරය කළ අය ඈත් වෙද්දී,
වචනයක්වත් නොකියා
බලාගෙන ඉන්න තරම්
සමහර හිතවල් හුරු වෙනවා…
අන්තිමේදී ඉතිරි වෙන්නේ
මතක ටිකක් විතරයි…
ඒ මතක අස්සේ
හැමදාම හිනාවෙන්න බැරි
එක හිතක් තියෙනවා...
 
නිදස් ගී අරණ