සුවඳ හෙලන්නට බැතිබර පුදසුනක
පැහැය දිලෙන්නට මැදුරක මල් බඳුනේ
ඉඩ හසරක් නොලද නෙක නෙක මල් දසතේ
කොතෙකුත් මැලවීද මේ රළු බොල් පොලවේ
අන් පුදසුනක මැදුරක ලද මහ අගය
තම රළු බිමෙහි තම අයගෙන් නැති වගය
අවසර ලදොත් සුපිපෙන්නට නිසි අගක
නෙත සිත පිනනු ඇත සුවඳද දී දියතේ
දහසක් කුසුම් දී රුව ගුණ මොහොතකට
යන්නට ඇතිය කිසිවෙකු නොම දැන වියැකී
අදටත් මතුවටත් මතුවුනු මරු කතරේ
මැලවෙනු නිසැකමයි පරසතු මල් අපතේ
-ගුණරත්න කරවිට