අමතක කරන්න හිතෙන හැමවරෙක මතකය නැවුම් කරන අපේ මතක
කෙසේ අමතක කරම්ද මම.......
නුඹට හැකිවුනමුත්...
බැහැ මට නුඹ වෙන්න...නපුරු
හදකට පෙම් කලත් මම...
දුරස්වූවත් මගෙන් නුඹ........
පපුවට ඇණුනු තියුණු පහරවල් ...ඒ නුඹේ වදන්.....
මම කවරෙක්දැයි නුඹ දන්නවා හොඳින්......
ඉතින්...මම ආදරෙයි තවමත්....
මතක වල දමන්න ..දමන්න
නැවත දළුලනා අයුරු ....
එයයි සැබෑම ප්රේමය ....
නුඹ වෙනුවෙන් මහදේ උපන් ස්නේහය
කිසිදාක මිය නොයන...මගෙ හුස්ම තිබෙනතුරු........
එයම නොවෙද සැබෑ ප්රේමය
නුඹට නොදැනෙන.......
ඔව්...එයයි නුඹට පිදූ අමිල ප්රේමය........
-අරෝෂා දමයන්ති
(අරලියා)