Wednesday, March 25, 2026
Follow Us
යළි අඳුරේ ගිලෙන තෙක්
මතුව හද පතුලෙන්ම
දෑල හිරි වැටී ඇඟිලි තුඩින්
හාත්පසට යයි විහිදී
නර්තනයක්ව ඇසිල්ලකට

 

ලොව පහල වූ දා පටන්
දකින්නට නැති හීන
විඳින්නට නැති ශීත
ඇසුරු සැනකින් පහල වූ සේ..
යළි අඳුරේ ගිලෙන තෙක්
විඳිනු යහපති එලිය
ගනඳුර එනතෙක් නැවත
අකුනුසර වුව වටී ..
-ගුණරත්න කරවිට