මතුව හද පතුලෙන්ම
දෑල හිරි වැටී ඇඟිලි තුඩින්
හාත්පසට යයි විහිදී
නර්තනයක්ව ඇසිල්ලකට
ලොව පහල වූ දා පටන්
දකින්නට නැති හීන
විඳින්නට නැති ශීත
ඇසුරු සැනකින් පහල වූ සේ..
යළි අඳුරේ ගිලෙන තෙක්
විඳිනු යහපති එලිය
ගනඳුර එනතෙක් නැවත
අකුනුසර වුව වටී ..
-ගුණරත්න කරවිට