Tuesday, October 14, 2025
Follow Us
සැමියාට හොරෙන් ..(සැමියාට ලියමි)
පන්තියෙ මිස් දුන්නු කොළයට
අඩුම රෙද්දක් පෙන්නුවා
මැගී නැන්දත් මහල දුන්නට
පස්සෙ සල්ලිත් ඉල්ලුවා
අපේ උන්දැගෙ පරන නය පොතෙ
කාසි දොලහක් පියවුවා
බේබිගේ පරණම සෙරෙප්පුව
පුතුගෙ ගානට ගැලපුවා
__________________________________________
දරැවන්ටනම් හොඳට හුරැ ඇති
කුසක ගින්නක විලාප
පාන් වල පුස් වාටි දන්නවා
ආමාශෙයේ හිස් කලාප
මතට හුරු උන එකෙක් හින්දයි
අතේ හිච්චිය උදාප
මොනර කොළ ඉගිලෙන්නේ ඈතින්
අපිට නෑ උන් මනාප
__________________________________________
වාන් දම දම කඳුළු දොරටුව
ගමේ ගිනි පැතිරුනත් නින්දා
එකෙක් දෙන්නෙක් පැලට ගෑටුවෙ
පැදුරෙ උගෙ ඉඩ නොමැති හන්දා
ඇස් වලින් ගිණි කඩා වැටෙනා
උන්ට හද එලි දැනුනි වින්දා
අනේ පලගැටි රෑනෙ හිටපන්
දරුවො ඇහැරෙයි අනේ මන්දා
__________________________________________
දවල් කෙළ ගැහු ඇතැම් කටවල්
රෑට පඬු තොල් හුඟක් ඉම්බා
පිටින් සහලක් නිතර කැවත්
කන්න හිතුනෙම ගෙදර සම්බා
රතෙන් කලවෙන් ටිකක් පෙන්නා
කාසි ගත්තොත් හොරුද කම්බා
සුපින්වත් සිදුහතුන් ඇත්තන්
මටත් බැරි නෑ වෙන්න බිම්බා
කවි කාරයා ( ශිතක මීදුම් )