Thursday, January 01, 2026
Follow Us
හරිද පත්තිනී ....(මාධවී ලියයි)
 
කපා තනයක් දනන් මරවා
අලු කරත් පඩි පුරයම
කන්නගී නුඹ දිනුව හිතුවත්
ඒ තමයි ලොව පැරදුම
එක හිතක් නැති කෝවලං ළග
ඇයිද මේ හැටි වැලපුම
ඒ තමයි බං අයාලේ යන
පිරිමි රකිනා ගැරහුම
__________________________________________
නිදොස් හිමිසද මරා දැමුවන්
පතිනි මහිමෙන් වෙලාලා
සදා පතිවත රැක්ක මව් ඔබ
වදිමි දණ බිම ඔබාලා
නමුත් හිමිසද කෝවලන් නුබෙ
සෙනෙහෙ දෙතැනක බෙදාලා
වැරදි කව්රුද ඉතින් කියපන්
නරක පව් හොද පෙරාලා
__________________________________________
මමත් රැක්කෙමි සත්ය ප්රේමය
කෝවලන් හට පෙම් කෙරූ
මත් වුවා නොව පෙන්වුවා මම
ඔහුට තිබු සෙනෙහස ගරූ
රත් උනා ලෙය නුබත් ලදකිය
මට කලින් උගෙ අත දැරූ
ඒ නිසා ඔහු අතැර දැම්මෙමි,
කියාපන් කව්රුද හොරූ
__________________________________________
කන්නගී නුබ දෙව්වරම් ගෙන
වඩිනවානම් දෙව්ලොවේ
කාරි නෑ මං සාදු කියලා
පුදන්නට මට හිත නැවේ
කෝවලන් නුබ ඇගෙන් මිදිලා
ඉපදෙනා ඊළග භවේ
මගේ විතරක් වියන් හිමි සද
බලාගන්නම් මතු බවේ
 
කවි කාරයා (ශිතක මීදුම්)