Saturday, February 14, 2026
Follow Us
මියගිහින් හදවත
හද පිරෙන්නම තිබුන ප්රේමය පෙර දිනක...
යටපත් කලා නුඹ විහින්ම...
මේ මොහොතවන තුරුම
පන ගැහුනමුත්
මියගිහින් හදවත.... ප්රේමය අබියස ...
හැකියි සිනාසෙන්නෙ මුළු ලොවට පෙනෙනා සේ
කඳුළු සඟවා දෑස් පතුලෙම..
රුවක් පෙනුනත් ...නොදැනේවි
හදට ඇල්මක්......
කතාබස්...සුහදත්වය ඇතිමුත්
නැහැ ප්රේමයක හඟීමක්..
ඔව්...
මියගිහින් හදවත ප්රේමයේ අබියස .......
 
-අරෝෂා දමයන්ති