තනිව ලෝකෙට එනවනම්
තනිව ලෝකෙන් යනවනම්
ඉන්න විතරක් කුමට පිරිසක්
එපා ඒ ගැන හිතනුනම්....
එළිය දුන්නානම් හුඟක්
සඳත් තනියම බැබළිලා
හැඩකලා රැයවල් හුඟක්....
ඉරත් තනියම
සඳත් තනියම
හැඩකලා මුලු ලෝකයක්
ඉතින් කුමට බියක් තනියට
ලස්සනයි තනිකම හුඟක්
බලනු ඉර හඳ දෙස මදක්....
*****
සචී මදුෂානි මානගේ
