Wednesday, September 16, 2026
Follow Us
තනිව ලෝකෙට එනවනම්
තනිව ලෝකෙට එනවනම්
තනිව ලෝකෙන් යනවනම්
ඉන්න විතරක් කුමට පිරිසක්
එපා ඒ ගැන හිතනුනම්....

ඉරත් තනියම පායලා

එළිය දුන්නානම් හුඟක්
සඳත් තනියම බැබළිලා
හැඩකලා රැයවල් හුඟක්....
ඉරත් තනියම
සඳත් තනියම
හැඩකලා මුලු ලෝකයක්
ඉතින් කුමට බියක් තනියට
ලස්සනයි තනිකම හුඟක්
බලනු ඉර හඳ දෙස මදක්....
 
***** ✍️ සචී මදුෂානි මානගේ