Thursday, August 06, 2026
Follow Us
ඉර තහනම්
අන්සතූ උයනක පිපුණට
රතුම රතු පාටට හැඩට
හැම උදෑසනකම මග බලා හිඳ
ළඟටම ඇවිත් යන
හිරු කිරණ සිපගත්ත එක
ඉතින් වැරදිද...
හිරු කිරණ ඈත්කොට
තැබුවත් මල කොටුකොට
ලා හිරු කිරණ දැනුනත් ඇති
ඒ මලට හිනැහෙන්න
 
ප්රදිප් වර්ණකුලසූරිය