Thursday, September 24, 2026
Follow Us
නුඹම කවියකි...
මතක නලියන සොඳුරු නෙත් ලඟ
පන්හිඳක නැවතුම සොරාගෙන
සුසුම දැවටුණ මුදු සුවඳ පොද
තවම හිත යට දැනෙනවා
වෙනස් තැන්වල වෙනස සැනසුම
අපූරුවකිය දැවෙන සිත ලඟ
සිතේ අළු යට නොයෙක් තැන්වල
නුඹේ සුවඳම දැනෙනවා
හෙමි හෙමින් ඒ සුවඳ විඳ විඳ
අනන්තය දෙස සිත දිවෙන සඳ
යටිහිතේ ඇඳි සොඳුරු කවියම
අදත් නුඹ ගැන ලියනවා
 
-දිනේෂ් හේවාවිතාරණ