දස මසක් කුස දරා ඉදලා
ලේ කිරට කර පොවා හදලා
ලගට වී සෙවනැල්ල වීලා
ගුණ දහම් හැම කියා දීලා
හොද නරක හැම හිතට කවලා
දුක් ගැහැට විද සැප නුඹම විදලා
වේල් ගනනක් නොකා නුඹේ කුසම පුරවා
අම්මාගේ ඔවදන් පයට පාගා
කියූ දේවල් මායිමක් නොතකා
කවුරුවත් කී දේ විශ්වාස කරලා
අද සිපිරිගේ කූරු ගැනලා
අද වැඩක් නැත පසුතැවීලා
අම්මගේ පපුවත් ගිනිගෙනම දැවිලා
කදුලු ගංගා දෝරේ ගලලා
ඇගේ හැම සිහිනයක් බිදලා
අසරන වෙලා කල දෙයක් නැතුවා
අවසනේ මව පමනක්ම ඇතුවා
හිටිය පිරිවර අද සැගව ගිහිල්ලා
එදා නුඹ කීදේ වරදටම දුටුවා
අම්මේ මට සමාව දෙන්න කියලා
ඉල්ලනවා නුඹේ දෙපා සිඹලා
යමක් විය යුතුමයි තෙරෙන්න කියලා
අදයි හැගුනේ සිර කූඩුවේ ඉදලා.
෴නිසි෴