Thursday, September 24, 2026
Follow Us
මං කැමති ජීවිතේ
කඳු අතර එබෙන හිරැ රතු පාට
ගොරවනා ආකාසේ කලුපාට
කඳු නාය ගිය විටදී මඩපාට
වැසි වැටෙන දිය පොළොව බොරපාට
නිමාවෙන හැන්ඳෑව අළුපාට
ගලායන දියපහර නිල්පාට
හමාඑන සුළං රැළි මොනපාට
මං කැමති ජීවිතේ කොළපාට
 
-හේරත් චන්ද්‍රිකා