හීනිවට වැටෙන සුදු
පබළු ඇට වාගේ
වැහි බිංදු වැටෙන කොට
කළු කරපු අහසේ
හේතුවක් දන්නේ නැති
නුඹේ නම කියාගෙන
මගේ නෙතින් වෑහේ
ආදරේ අයිති නැති
සංසාර ගමනේ
අතරමග හමු වෙලා
වෙන් වෙන්න රහසේ
ලන් උනත් වෙන ගතක
උණුහුමේ රස්නේ
හැමදාම හොයයි නුඹ
මගෙන් ලද සෙනෙහේ
මැණික,
මං තරම් කාටවත් බෑ
ඔයාව දරාගන්න ආදරෙන්.....
.....ඉෂ්