ගහක් ලස්සන මලක් පිපුණම
හිතින් කවුරුත් නිවෙනවා
වන සතුන් උව නැමෙනවා
ගිනිගහන මහ කතරෙ ඉද්දී
ගසක සෙවනක් පතනවා
හිතින් නුඹ ගැන හිත හිතා මම
නුඹේ සෙනෙහේ විඳිනවා...
රෝස මලකට අත තියන්නට
ගියොත් කටු නම් ඇනෙනවා
නෙලාගත් ඒ මල දකිද්දී
වේදනාවන් නිවෙනවා
පුංචි දේටත් තරහා ගත්තම
නෙතට කඳුළැලි නැගෙනවා
මුව අගේ හසරැල් දකිද්දී
ඇත්තමයි මං නිවෙනවා...
කොහෙන් ආවත් මදනලේ සුව
ඇඟේ හැමතැන ගැටෙනවා
ළඟක සිටියත් දුරක සිටියත්
ප්රේමයේ මල් පිපෙනවා
වැරදි කියමින් බැන වදිද්දී
මටත් හොඳටම රිදෙනවා
ඒත් සත්තයි දාලා යන්නෑ
ඔය දෙපා ළඟ මැරෙනවා...
ජී.ජී. නාමලී