පිරිසුදු අත්වලින් ගල් ගසව්
වදකයනි මෙහි එව්
මොහුගේ දෑත් එක්කොට යදම් දමව්
වද මල් මාලයක් කර දමව්
රැස්ව සිටිනා සැමට පවසව්
නොදන්නා අය ද සොය සොයා කියව්
ප්රේම කල බව චූදිත තෙමේ
ස්ත්රියකට...
නිර්ලජ්ජීව..
මුණගැසුන බව උයන් තෙර,
පෙම්බස් මුමුණමින්,
අනාවක් ගැන පැතු වග,
මේඝ ගර්ජනා, නිලිවැසි මැද වුව
හැර නොයන බව සඵත කල'යුරු
සිප වැළඳගත් බව,
වසන් වී ලෝකයෙන්...
පිරිසිදු අත් ඇති සාක්ෂිකරුවනි
මෙහි වහ වහා එව්
තොප සෙළුව ලෝකයෙන් වසව්
පළමු ගල්පහර විසිකරව්
නොබිඳෙනා ලෙස වීදුරු
තොප ගෙවල්වල
ප්රදිප් වර්ණකුලසූරිය