පුන් පෝයදාට සඳ
ආයමක් පායලා
මිහින්තලා පුදබිමට
ජන ගඟක් රැස්වෙලා
ඒ අතරේ නුඹේ රුව
පේනවා ඉන්නවා
සුදුවතින් සැරසිලා
සිනාසුන මුව කමළ
මට තාම පේනවා
කතා කළ ඒ වදන්
දෙසවනට ඇහෙනවා
වෙන්වෙලා ගිය නමුත්
නුඹට තාම ඉන්නවා
නුඹේ නමට පින් දීල
මල් මිටක් පුදනවා
- Yashoda Kavilashi