කප්පරක් උස හීන හදවතේ පුරවලා
පහළ උන් පැතුවේම සුබ ගමන් කියාලා
විපතකිය සිදුවුනේ යානේ ඇත අළුවෙලා..........
පින තිබුනා කොහොමහරි ගොඩ වෙන්න යානෙට
පොළොවෙන්ම ඉස්සිලා පියඹන්න ඉහලට
වලාකුළු මත රැඳී ගමන නිම කරනට
කරපු පින් මදිවදෝ වැටුනෙ යළි පොළොවට...........
ලෝකයක් දකින්නට සිතාගෙන ගොඩ වුණූ
දරු පැටව් අළු උනේ නොකියාම තොරතුරූ
අවුලනා ලය ගින්න නිවන්නට පොඩි පුතූ
ආයෙනම් එන්නේ නෑ දන්නවද සමහරූ ..........
පැතු හීන බොඳවෙලා අනේ උන් ගියාට
කාටවත් වෙන්නෙපා මේ වගේ වියෝග
ආයෙමත් ඉපදෙනා භවෙක මේ වගේම
නොවෙන්නට අකල් මරණ පතන්නම් සැමටම.............
ප.ලි -: ඊයේ සිදුවුණු ගුවන් ආතුර හේතුවෙන් මෙසේ අකුරු කලෙමි.... ජිවිතයේ අනියත බව වටහා ගන්නට වෙනත් උදාහරණ කුමකටද?
- තාරුන්යා පතිරගේ