කඳුළු හංගා සාගරේ රළ අතර
මම නොපෙනෙන්නට
සුසුම් හෙළුවා වළාකුළුවල
සැඟවිලා පාවෙන්නට
දරන්නට බැරි තරම් සෙනෙහස
නුඹට නොවටින මගේ ප්රේමය
විසිකරමි බොල් අහසට
සසර හුරුවක් කියා හිතුණා
පපුතුරේ නුඹේ රස්නෙට
ගුලි වෙවී තව ඉන්න හිතුවා
සදාකල් ඔය ඇස් යට
ඒ හිනාවට පෙම් කළා මම
ඉඩ නොදී නුඹෙ කඳුලට
දුකත් අරගෙන සැනසුවා හිත
මා ළඟින් නුඹ නැතුවට
හමුවෙලා ඇති හවස් වරු වල
වගේ අහසේ පාටට
මැවෙනවා අපෙ සොඳුරු මතකය
ආදරෙයි ඒ තරමට
පාර පාරා රිදුම් දෙන හිත
සම කරන් කළු ගලකට
ඉතින් පෙම්වත නිමා කරනෙමි
සමාවෙන් මගෙ ප්රේමෙට
එච්චරයි.....ආදරෙයි ඒත් හැමදාමත්
ඉෂ්