Details Created: 11 June 2025 පිරි වරා සඟ රුවනසේ පුන් සඳක් අහසේ දිලේ තරු පොකුරු ඒ වට පිරේ ලොවුතුරා අප අමා මෑණී පිරි වරා සඟ රුවනසේ ..........// දසත සිසිලෙන් නැහැවෙනා සිතට සැනසුම ගෙන දෙනා හදේ සැඟවුනු සෝ සුසුම් වැල් බයේ දිවගොස් සැඟවුනා........// මෙත් මලින් හද පුරවමූ පාපි සිතුවිලි පරදමූ මලට බමරුන් විලස එක්වී සතුට සොම්නස දන්දෙමූ පද : ප්රියන්ත දුනුසිංහ