Monday, February 02, 2026
Follow Us
ආදරේ දෙන්න විතරයි මට ඕනේ
කොහේ ඇවිද්දත් හැමදාම අන්තිමට
නතර වෙන්නේ එතන නුවර ඔව් මහනුවර
කහ ඉර සුදු ඉර මගඇරලා වැවරවුම ගාව
පාර පනින කොට දැනෙනවා අල්ලනවා අත....

" එයා ඔයාට මතක් වෙන්නෙ නැද්ද "

" මතක් වෙන්නේ නැති දවස් ගැන අහන්න "
" ඉතින් එහෙම හිත හිත ඉන්න පුලුවන් ද "
" හිතන්නේ නැතුව ඉන්න බෑ ඒක අමාරුයි ....."
ඔයා මං එක්ක කහ ඉර පනින කොට
ඇයි ඇදලා ගත්තෙ ඔයාගේ තුරුලට
දන්නවද තනියම කහ ඉර පනින වෙලාවට
බලන්නේ ම දකුණු අත අල්ලගෙන ඇති නේද ...
" උඹ ඇබ්බැහි වෙලා මචන් "
" ඔව් ඇබ්බැහි උනාම ඕනේ කෙනා පේනවා "
" ඒකී එපා කියද්දී ඇයි ඉතින් ඔහොම "
" ඒකිට එපා උනාට මට එපා උනේ නෑනේ ......."
ඇත්තටම මට ආදරේ දෙන්න විතරයි ඕනේ ....
 
නිර්වාණ....