Monday, February 02, 2026
Follow Us
මගේ කඳුළු සේදෙන්න
අහස....තවත් හය්යෙන් වහිනවද...
මගේ කඳුළු සේදෙන්න
සුළඟ තවත් හය්යෙන් හමනවද පපුවෙ හිරවුණු සුසුම්...පා කර යවන්න
තව තවත් අහස ගුගුරනවද
මගේ හැම මතකයක්ම අමතක වෙන්න....
මේ සේරම සිතුවිලි මට මාවම දරාගන්න...
ඒත් එපා මේ දේවලින් කිසිවෙකුටත් පීඩාවක් දෙන්න.....
 
-අරෝෂා දමයන්ති