Monday, September 15, 2025
Follow Us
ඔබ ගුණ වැයීම
පණුවොත් බඩේ දගලනවා
උඩ පැනලා
දැන්නම් ඇතේ හොඳටම
බඩගිනි දැනිලා
ඉවසන් ඉන්නෙ කොහොමද
පොඩි හිත රිදිලා
හනිකට දෙන්න හිමියනි
කිරි ටික හදලා....
අම්මා එක්ක කැලයේ
මම සිටිද්දී
වෙඩි පහරකින් ඇගෙ
පණනල සිදෙද්දී
ගෙනවිත් කුටිය වෙත
ඇතිදැඩි කරද්දී
සෙනෙහස හදට දැනුණා
නෙතු තෙමෙද්දී.......
අම්මා නැති අඩුව මට
ඇතිවෙන්න නොදී
රැක්කා නිතර කරුණාවෙන්
සෙනෙහෙ දිදී
තිස් තුන් කෝටියක් දෙවියන්
බැල්ම වැදී
ඔබ ගුණ වැයීමට හෝඩියෙ
අකුරු මදී.....
 
-Nadeesha Sorojani