සතුට අහන්න දකින්න කවුරුත් කැමති වූවත්....
දුකක් ..අසරණකමක් දැනෙද්දි
ලඟින්ම සිටිවුන් පවා ඈත්වේවි නොදැනීම
තමන්ගෙ හුස්ම සේ සමීපතයින් පවා........
තුල පපුවට දැනෙන දරාගත නොහැකි වේදනාව
අකුරු වලට හැරවීම කවියක්
විය නොදැනීම.....
කවි සිතක් හිමිව ඉපදීමත් භාග්යයක්
ඇහුම්කන් දෙන්න කෙනෙක් නැතිකොට ලියා
සැහැල්ලු කර ගත හැකියි මදකට හෝ හිත..
කවි හිතක් ලැබීම මහ දුකක් කියා සිතුනු තැන් නැතුවාමත් නොවෙයි ...
හේතුව...
පමණට වඩා සංවේදිත්ව
තමන් සේ අන් අය සන්සදන කිරීම හා තමා තමාට නැතිවන තුරු ආදරණීය චරිතයක් වී වේදනවන් පමණක් ඉතිරි කරගෙන හුදකලාවීම.........
එහෙත් හැම කවි සිතක්ම එලෙසමයි කියා කිව නොහැකියි ...
තවත් හදවතක් කීතු කීතු කර
ඒ මතින් සතුටින් ඇවිද යන අයද නැතුවාම නොවෙයි ...
කවියට හැකියි අවියක් වී
හදකට තියුණු පහරවල් එල්ල කරන්නට....
නොමරා මරා...විඳවන්න දිවිය පුරාවටම ...........
අරෝෂා දමයන්ති