Monday, February 02, 2026
Follow Us
අහස නෑ දැන් අමාවක
අහස නෑ දැන් අමාවක
තරු කැට පිරුණ අහසට
අඳුරුයි ලු අද හොඳට
සිනා නොම වෙන පුන් සඳ නැතුව
අහසම අමාවකලු මේ දවස් වල
සීතලට තණ මතට වැටෙන
මේ පිණි කඳුළු
පිහදාගන්න දැන් ඉතින්
ඔය අමාවක අහසට
වෙන්නම් එකම හඳ එළිය මම
 
ප්රදිප් වර්ණකුලසූරිය