ඉල් මහට සඳ නිවුණු
උඩමළුව සුන්දරයි
පැල් රැකපු හිත තාම
මැදියමේ පින්බරයි
සිල් මිදුණු ජීවිතේ සසර
නිල් මැණික නුඹ තාම
රුහිරු රත් සිහිනයයි_______
හිරු සදුට පෙම් බැන්ද
තාරුකා ඉඟිමැරූ
පෙම් කතා සිලිලාර
බෝමලුවෙ පින් පිරූ
සැනහෙනා පෙමක් තතු
සක්මනේ නිඳි වැරූ
නොබිදෙනා හිත් පතුල
නුඹ ගැනම කවි කෙරූ______
විරහවේ දුකම තැන්
හද ගැඹේ සඟවාපු
විදපූ ඒ මතක ඇති
හද ගැස්ම නවතාපු
අරුමයකි බැදි සොඳුරු
සසර පැය පෙරලාපු
සත්පාට දේඳුන්නක
මැකුණු නෙතු හඬවාපු_______
පිරිත් ස්වර මැද සවන්
පිරි සිනා නොදැනීම
ඇසෙන දවසක් කොයි"ද
රිද්මයට රහසේම
මගෙ මැණික හිම කුලක්
සෙනෙහසයි පපුවේම
නලලතේ තිලකයක්
තියන්නෙ මම කෝම______
හිතවතිය නිලාවැලි සයුර
තරමට නිසල
සදාකාලික උරුම නැවතුමක
හද සසළ
නිවෙන දැල්වෙන පහන්
වැට ගාව නෙතු කමල
සැමරුමක සෙල්ලිපිය
නෙලයි විඳගමි සිසිල______
බොර පැහැය ගැන්වෙනා
ගංදියේ කිමිදෙනා
නියං සෑ ගසාවිත් සුළං
බෝ දඟදෙනා
බිං අඳුර ඉරා පහු
දෙහෝරා පියඹනා
මැණික අපි අයිති නෑ
දුර යන්න පියඹලා_____
-අශෝක සමන්