කට්ට කරුවල නොයෙක් රෑ වල
දරුවෙකුත් ගෙන අම්බරේ
දවල් එන්නට ඉඩක් නැතුවද
රෙදි හදන්නට රැලි හදන්නට
කෙනෙකු සොයමින් හන්දියේ
දුහුල් සලුපට වහ ගනින් ඔය
තිසරු ඉගිලෙයි අම්බරේ
________________________________________
උප්පැන්නෙ හිස් තැන ලියන්නට
පැටියගේ නම මුල අගේ
බොහෝ දිනවල හොරෙන් ඇවිදින්
ඌව හොයනව කරුවලේ
රාගයේ සැතපෙද්දි බබරුන්
එකල සලු හෙලලා නුබේ
දැන් එකෙක් නෑ බලාපන් උන්
ඉන්නෙ මහ රහතුන් වගේ
________________________________________
සොදුරු සිත් ඇති තරුණියක් කල
ආලවට්ටම් පද යොදා
තරුද නිදිගත් රෑක තනිකර
ඇයව තුරුලට ගෙන බදා
අහිංසක සිත් පුරෝගත් පසු
එලිනොවන හීනද පුදා
අතැර ගිය උන් ගෙල සිදින්නට
මෝහිනිය ඇවිදින් මෙදා
________________________________________
එදා සිට ගොම්මනට ඇවිදින් පාරෙ
මිනිසුන් බය කරන්
හංදියේ සෙනෙහසක් සොයමින්
කරක් ගැහුවට සලු ඇදන්
බය කරන්නට ආපු දවසක
කෙසෙල් ගසකට හොට ඇනන්
මෙදා කාලේ බේර ගනු බෑ
පනක් නැතුවද මල කදන්
කවි කාරයා ( ශිතක මීදුම් )