Sunday, May 04, 2025
Follow Us
අනියම් සැසියෙකුගෙන් සැමියෙකුට ලිපියක්
අහපං මචං..
දෙතුන් දවසක් ඉදන්
ලිව්වෙ මේ ලියුම
නොදැන සිටියම නෙමෙයි
බන් උබේ තරම
බින්දුවේ ඉදලාම
විදවන්න උරුම
සමහරක් ගැහැනු බං
. ගෙව්වේ..ම කරුම
__________________________________________
හැම රැයම ඇය උන්නෙ
එනකන්ම මග බලං
ඒත් උබ පය තිබ්බෙ
බී ගත්ත වෙස් අරං
උබට බැරි උනා ඇ
රැකගන්න කල් මරං
තිබුන බං ආදරය උබට
මහ මෙර තරං
__________________________________________
ඉරි ඇදපු කඩතොලුයි
රන් මුදුත් බිදුන
උබේ හිත කලු ගලක්
වෙන්න ඇති මැරුන
අවලමේ ගිය එකී
කියා බැන වැදුන
ඒකි මහ දුකක් බන්
ජීවිතය විදින
__________________________________________
ඉන්න විට ඇය ලගින්
සෙනෙහසින් මොහොතක්
සිබින විට ඇගෙ නලල
මුහුනෙ හරි රහසක්
හොයන් ඇයි මන් ලගම
උබෙන් නැති පහසක්
දන් නැද්ද ගැහැනුන්ට
ආදරය බෙහෙතක්
__________________________________________
මදු මලක් වගේ ඇය
වැලි කතරෙ වැටුනු
හුරතලේ නොදැක්කද
හදවතේ පිපුනු
වැට බැදල පලක් නෑ
මතකයන් මැකුනු
රජු මමයි ඇගෙ පපුවෙ
නැතුවාට ඔටුනු
 
(කවි කාරයා) ශිතක මීදුම්