Friday, January 02, 2026
Follow Us
රිදෙන හිත තව තවත්
රිදෙන හිත තව තවත්
කුමකටද හඩවලා
හැමදිනෙක ලැබූවේ
ඔබෙන් අවමන් නිගා
දැක්කේ නුඹ වැරදිමයි
මගේ හොද පසෙකලා
කිසි දිනෙක නෑ දෙයක්
සෙනෙහසින් පවසලා
තිබුනේ කොයි දේත්
අකුරුවල අමුණලා.....
රිදෙන බව පැවසුවත්
නෑ තාම අමතලා
හදවතින් පෙම් කලෙන්
යන්න බෑ හැරවිලා
නුඹ එක්ක මැවු හීන
යන්නේ හෙමිහිට බොදවෙලා
එක මගක නෑ හෙටක්
පලක් නෑ හිත රවටලා...
 
ශශි..