Monday, June 22, 2026
Follow Us
හුදකලාවේ අරුමය

දුර ඈත ක්ෂිතිජයක

සිත විටෙක තනිඋනා
බොද වෙච්ච නෙතු කොනක
කදුලු බිදු පීදුනා
පිනි එක්ක සුසුම් පොද
පපු දැවී පවනේ මුසු උනා
නුඹ නොමැති තනිකම
ඇවිත් හුස්ම සිරගත කලා.......
අහස් කුස අදුරේ වෙලී
හිරු කදු මුදුනේ සැගවුනා
සීතල සුලග හෙමිහින් ඇවිත්
තව තවත් සිත් රිදුමන් කලා
තුරු පියන් ඔච්චමකට වගේ
මුවට එබිකම් කලා
නුඹ නොමැති තනිකම
ඇවිත් හුස්ම සිරගත කලා .......
 
෴නිසි෴