Monday, February 02, 2026
Follow Us
... ශ්‍රී දළදා ...

සාදු සාදු සෙංකඩගල පුරවරේ
වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ
පිහිටයි සැමදා...
ලක් මවුණි මගේ //

තුන් හෙළයම එක්සත් කර
පෑ තෙද වරුණා
එදා මෙදා තුර සතුරන් පරදා
ලක් දෙරණට දුන් රැකවරණා
හෙළයනි සුරකිව්...... ශ්‍රී දළදා...........

තුන් සිත පහදා බොදු මඟ යන්නට
හිමි ගුණ වරුණා ...........
මිහිමත නොබියව පියවර ගන්නට
ලක් දෙරණට දුන් රැකවරණා
වඳිනෙමි හැමදා............ශ්‍රී දළදා..........

සාදු සාදු සෙංකඩගල පුරවරේ
වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ
පිහිටයි සැමදා...........
ලක් මවුණි මගේ //

... ශ්‍රී දළදා ...


(2025 ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරන ලද විශේෂ ගීතය)


ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
විශාරද චරිතා ප්‍රියදර්ශනී
විශාරද ශාලික ඉෂාන්
කථිකාචාර්ය සචිනි සිල්වා
සංගීතය - විශාරද ශාලික ඉෂාන්
පද රචනය - ආචාර්ය දිනේෂ් කරුණානායක