පාරවා හිත තදට වැටෙද්දී කඳුල
දරාගෙන බොහෝකල් ගෙව්වාට දිවිය
දුක පමණි ඉතිරි පෙර සසරෙ කල පවට.........
සිනහ වෙන්නට පමණි හැමදාම පැතුවේ
කඳුල නුඹ පමණි හැමදාම තනි මැකුවේ
දව දවා හදමඩල ගිනි පුළිඟු විසිරේ
තනිකමට හුරු වෙවී හුස්ම තව ඉපදේ...........
කරපු පව් ගෙවෙන තුරු හුස්ම නිම නොවේවි
තැවි තැවී හදවතම වේදනා විඳීවි
දියවෙනා තුරු දෙනෙත් කඳුළැල් පිරේවී
කිසිදෙයක් නොකියාම දිනෙක සමුගනිවී
තාරුන්‍යා පතිරගේ