Monday, February 02, 2026
Follow Us
දවස්
දවස්
අයිස් කඳු උපදින
සීතලම සීතල
කොහෙත්ම නොදැනුන
දවස්...
ඉර බිමට පැන
දවද්දිත් ගතම
උණුසුම නොදැනුන
දවස්...
පැය ගණන්, වරු ගණන්
දෑස්ම විසිකොට මහ පාරට
උන්මාදයෙන් බලා සිටි
දවස්...
රැය ගණන් නිදි නොලැබ
නීල වර්ණ තිරයෙන්
සයිබරය ට ඉසිඹුවක් නුදුන්
දවස්...
ඉක්මනින් ගෙවී ගිය
දැන් සෙමින් ගෙවී යන
ඔබට අමතකව ගිය
යළි කිසිදා නොඑන, ලස්සනම
දවස්...
 
ප්රදිප් වර්ණකුලසූරිය