විසි දෙමසක් කුස දරමින් මා බිහිකල
පුතුනි
වැඩුනි
බර අඩි තබමින් යනයුරු මව්හට තුට
සැදුනි
අභිමානෙකි සනුහරේට නුඹ රජෙකැයි
සිතුනි.......
වෙනදා මෙන් එනවිට අද කළුවරේ පුර
සදූනී
බඩපුරවන් සිනා මැදින් පුතු හෙමිහිට
ඇදුනී
හඩ තළමින් යකඩ ගොඩක් සැනෙකින් විත්
වැදුනී
මගේ ඇස් මැද පුතු මියැදෙනු දැක හදවත
පැලුනී.......
- සචී මදුෂානි මානගේ