Sunday, February 08, 2026
Follow Us
සෙනෙහේ පිරුනා අහසක් පිරෙන්නට
කාසි බාගේ පිරී නැතුවට
රස බොජුන් කෑවෙී නැතුවට
යාන වාහන මිදුලේ නැතුවට
සෙනෙහේ පිරුනා අහසක් පිරෙන්නට...

 

ඉරුනු රෙදි පිලි නිතර ඇන්දට
හිල් වහල යට තෙමී පෙඟුනට
කුප්පි ලාම්පුව ගේ එලිය කෙරුවට
සෙනෙහේ පිරුනා අහසක් පිරෙන්නට ....
බත් පතක් ඉඳහිට ලිපේ ඉදුනට
කවුරුවත් අපි ගැන සොයා නොබැලුවට
දුක් සුසුම් අපි එකටම බෙදෙන තරමට
සෙනෙහේ පිරුනා අහසක් පිරෙන්නට ...
එක දවසක්ම
පමනක් නොව
ඒ සෙනෙහස
ඒ ආදරණීය හදවත් තුල
මෙී සසරේ
ඉපදෙන මැරෙන
හැම භවයකම
සෙනෙහස පිරී
තියෙන්නට ඇති
අහසක් පිරෙන්නට .....
නිසි