නුඹේ කුසේ මතුවෙලා
රැලි රැලි
ඇයි අම්මේ කුසපුරා
ඉරි ඇඳි
ඔය කුසේ මං උන්නා
ඒ හින්දා දැන් අම්මා
හැඩ නැති
__________________
දඟලමින් එහේ මෙහේ
මං ඇන්ද රටාවන්
දැනෙන විට අතගගා
නුඹ මැව්වා සිනාවන්
මව් පදවි දැරු නිසා
හැම දුකම නුඹ අරන්
මට දුන්නේ ජිවිතය
සිරුර වැහැරිලි කරන්
____________________
ඔය කුසේ ඇන්දූ ඉරී
අත ගගා බලනවා
මගේ පැටව්න්ගෙ රටා
නුඹ අපට කියනවා
ඒ රටා මගේ හිතේ
මතකයන් මවනවා
මං අම්මේ අත ගගා
නුඹේ කුසම සිඹිනවා
සචී මදුෂානි මානගේ