Saturday, February 22, 2025
Follow Us
අතලොස්සකට විතරයි පේන්නෙ අසිරිය
අතලොස්සකට විතරයි පේන්නෙ අසිරිය
කොයි පස බැලුවමුත් දෙනෙතට සාරාවයි
ඒ වන තලාවට හැමවිට සීරාවයි
සානුව මුලුල්ලේ වන මන් දාරාවයි
මේනම් ගෙවෙන්නේ කැමතිම හෝරාවයි
__________________________________________
පෙනෙනට තියෙන ඒ උනුසුම් ගිනි කන්ද
හිමිකරු පුපුර වන්නෙ නැතිවද මන්ද
ගරහන් නැතුව දෙනතින් නිති සුව වින්ද
ඒකත් අමුතු කදු යායකි මන නන්ද
__________________________________________
නිල් දිය ගලන් මහ මුහුදට ගලන නදී
සුලගින් රැල්ල පෙන්වයි හැඩ කැපිල පොදී
දායාදයකි උරුමෙකි මහ මෙරකි රිදී
මේ කඳුකරෙන් තාමත් වැඩ ගත්ත මදී
__________________________________________
බැලුවම ටිකක් ඇස යොමු කර අස්සකට
කළු වී අහස මීදුම ඇත වැස්සකට
හරි හැඩ පේන්නේ මෙහි අතලොස්සකට
බැලුවම ගෑනු ලස්සන හැඩ පස්සකට
 
කවිකාරයා