Saturday, February 22, 2025
Follow Us
ජීවිත සිතුවම--

ජීවිතේ සමහරක් තැන් වල
ඉකි ගසා වැළපෙන්න හිතුනට
දිගම හුස්මක් අරන් පපුවට
හිනහ වෙන එක තමයි ලස්සන

හදවතේ හරි ගැඹුරු තැන් වල

තිබුනු නිර්මල හැඟුම් එක්කම
බැඳුණු සුන්දර හීන ඔක්කොම
පාව යද්දිත් දරා උනි මම
දිවි මඟම බිතු සිතුවමක් කොට
සිතුම් අතුරා සායමක් ලෙස
බිඳෙන් බිඳ තවරමින් පැහැයට
සැනසුමෙන් අඳිනෙමිය පැතු ලෙස
තමන් ආ මග පැමිණි බාධක
සැවොම එකතුව පන්නරය දෙන
රිදෙන තැවෙනා සුසුම් පෙණ පිඩ
රැල්ල ආපසු ගසයි වෙරලට
ජීවිතේ එන යන රිදුම් සැම
මද සිනහ දී භාර ගත් විට
සරල වූ සිතුවිලි තුළින් එය
දිනන මග පෑදේය මතුවට
ගල් බොරලු කටු අකුල් මත වුව
ගලන ගංගා සයුර වෙත යන
ලෙසින් පෙරටම ගමන නිහඬව
යාම පමණයි කළ යුතුම අද
 
මිනිස්සු දුක පෙන්නන්නේ..රණ්ඩු කර කර.. ඉන්නේ..හිත රිදිච්ච දවසට විතරයි..!!
ඒත් හිත බිඳිච්ච දවසට..
කතන්දරේ සෑහෙන්න..වෙනස්..!!
එදාට ඒ මිනිස්සු..කිසි රණ්ඩුවක් නොකර.. නොකියපු කතා සේරමත් අරන්..
සද්දයක් නැතුව..තමන්ගේ පාඩුවේ..
යන්නම යනවා..!!
ඕනෑම සබඳකමක් රඳා පවතින්නේ..වගකීම්.. මත නෙවෙයි..!!
යුතුකම් හා දයාබරත්වය මතයි..!!
යම් දෙයක් අහිමි වීම..
ජීවිතයේ තවත් ගමනක ආරම්භයක්..!!
ඒ නිසා නිතරම හිතන්න..
මේ ජීවිතේට එන යන ප්රශ්න කියන්නේ..
අකුරු තුනක් විතරයි කියලා..!!
එතකොට ඔයාට හිතේවී..
වෙලාවකට තනිකම කියන්නෙත්.. ආශිර්වාදයක් කියලා..
ජීවිතේ ගැඹුරු හොයන්නන්ට..!!
කිසිදු තේරුමක් නැති වචන වලට වඩා.. අර්ථවත් නිහඬියාව උතුම්..!!
හිත හයිය කෙනා..කොච්චර බාධක ආවත්.. දරා ගෙන නැගිටිනවා..නිහඬවම..!!
මිනිස්සු සතුටින් ඉන්න කොට..
තේරුම් නොගන්නා බොහෝ දේ..
දුකෙන් ඉන්න කොට තේරුම් ගන්න පුළුවන්..!! අපිට කර්මයේ ගණන් නොගෙන ඉන්න.. පුළුවන්..!!
ඒත් කර්මය අපිව ගණන් නොගෙන..
ඉන්නෙ නෑ..!!ඒ නිසා..හිතන්න..ඊතලයකට.. ජවය එන්නේ..පස්සට අදින තරමට..!!
අවශ්ය වූ විට පසු බැසීමත් උපක්රමයක්.. කියලා..!!
හෙට ලස්සන වෙන්නේ..
අද තෝරා ගන්නා දේවල් මතයි..!!
ඔයාගේ හොඳම ගුරුවරයා..
ඔයාගේ අවසාන අත්වැරදීම කියලා හිතන්න..!! අත්දැකීම් කියලා කියන්නේ..
සහතික නැති උපාධි..!!
ඒ අත්දැකීම්..දරා ගැනීමේ ශක්තිය..
ප්රගුණ කරන්නාට..ජීවිතයට එන..ඕනෑම.. ප්රශ්නයකට..නිර්භීතව මුහුණ දෙන්න..
ශක්තිය දහිරිය ලැබෙන්නේ නිතැතින්මයි..!!
ඒ නිසා හැමෝම කරන දේ නොකර..
වෙනස් විදිහකට හිතුවොත්..
ලෝකයම වෙනස් කරන්..
නිහඬව..හරිම ලස්සන ගමනක් යන්න..
ඔයාට හැකි වේවි...!!
නිහඬ තැන් වල..
හුඟක් සොඳුරු දේවල් තියෙනවා..!!
අතීතයේ ජීවත්වුණු විදිහ නෙවෙයි වැදගත්..!!වර්තමානයේ ජීවත් වෙන විදිහයි..වැදගත්..!!
ඒ නිසා..කවුරු මොනවා..මොන විදිහට.. කිව්වත්..කළත්..ඔයා පාඩුවේ..
ඔයාගේ හදවතට එකඟව..
මේ ජීවන ගමන යන්න..!!
එතකොට..ආයෙම..කවදාවත් වරදින්නෑ..!!
තේරුනාද..?