සඳ නැතුව ගෙවීගිය අරුමැසි සැඳෑවල
තාරකා දෙස ඇස් යොමා....
දීප්තියකින් හැඩ කලා.
..
ප්රේමයෙන් රංජිතව
ආලිංග රැගුමක රස කියා...
රැහැයියෙක් කියන කවියක
පදපෙලක් අඳුරක තනිවුනා...
විප්රවාසී හදක් ශේෂව
මතක මැදුරක තනිවෙලා...
නුඹ නොදැක සිටි නොබෝ දිනකින්
සියවසක් කල් ඉක්මුනා..
ඇස් අගින් ඉඟිමරන තරුකැට
අඳුරු අහසෙම දුර තියා...
සඳ මගේ නෑවිදින් හිටියත්
එලිය ඇත හදවත පුරා...
-.ඉන්දුල