ජීවිතය හරි ම පුදුමයි.
මතක ඇති : නැති
රස මතක එමටයි !
ඉඟියකින් හරි
දැනුනා නම් : අවසානය දුක බව
ඇත්තට ම
අහම්බෙන් හරි
හමු නො වී ඉන්න තිබුණා.
මුව පුරා සිනහා ඇඳ
ලෙංගතුව
ඇස්වලින්
කතා නො කර
සිත් නො බැඳී ඉන්න තිබුණා .
ඉවසුමක් නැති
ඊළඟ හමුවීමකදි
මුණ නො ගැසෙන්න තිබුණා .
දැනෙන තරමට
ළං නො වී ඉන්න තිබුණා .
නො දුටු එක් නිමේෂයක්
දැනෙන තරමට කල්පයක්
නො ලැබුණොත් එක් ඇමතුමක්
දැනෙන තරමට අරුමයක්
එකි නෙකා : එකි නෙකා වෙත
නො ඇලී ම ඉන්න තිබුණා .
සුසුමක දුරක
ඉන්න හැම මොහොතක ම
ඔබෙන් තොර ලෝකයක් පතා
දුක් නො වී ඉන්න තිබුණා.
ජීවිතය කියලා කියන්නේ ම
නිශ්චිත ඇරඹුමක් තිබුණත්
නිශ්චිත අවසනක් නැති
සොඳුරු මතක යායක් !
චම්පික