අන්දලා සුදු ඇදුම් හැඩකොට
මල් වඩම් තනියට තියා
හද සුසුම් ඉකිලමින් කදුළු
පිරි දෙනෙතින් දයා
බලා මා ලගින් උන් අයත් ඉදී
දැනෙන විට සිත මදක්
තිගැස්සෙයි කිම කියා....
හැර දමා සසරෙ බැමි යා
යුතුම දිගු ගිමනකි
ඉපිද මැරෙන යලි ඉපදෙන
නොනිමි ගමනකි
දන්නවා ලොව දහම ඒ බවත්
මදක සුවයකි
ජීවිතේ නියත බව බුදුන් දෙසු සේ
දිනෙක අම නිවනකි...