Saturday, January 18, 2025
Follow Us
වඩින කිරි මව් වරුන් අතරට
ගසකින් වැටී එක් තැන් උන සැමියෙකු විසින් සිය බිරිදට ලියන ලද්දකි
ගුල්ලො කෑ වල් ලීයෙ ගුලු කුඩු
ගොම පොලොව මත ඇද වැටේ
යට ලීය ලෙස නමට කීවද
දිරා ගිය ගිනි හිරි කොටේ
වේයො රජ කරනවා දුටුවෙම
මගෙ පැලේ සිව් කොන වටේ
මගේ රං කද ලියන්නෙමි මන්
කදුලු කැට පුරවං නෙතේ
_____________________
පිපුණු මල් අද පරව වැටුනත්
පලක් නොදරපු දඹ ගසේ
උල ලේනො මක් නිසා හැඩුවද
දන්නෙ නැහැ හඩනම් ඇසේ
ගෙදර දොරකඩ මන්ම ඉන්දපු
දාස් පෙතියා මල් ගසේ
නටන මී මැසි කැලක් දුටුවද
බලං උංටත් හරි විසේ
______________________
හිතේ හැටියට උබ රකින්නට
නැති උනත් සවියක් ගතේ
කරපු පිනකට කුසේ ගින්නට
තිබුන අස්වනු රන් කෙතේ
ඉවක් වැටිලද ගමේ බබරුන්
දැකල වගෙ හැඩ උබෙ වතේ
නිසාචරයින් හඩ තලන්නේ
උබේ සුවදට මගෙ හිතේ
_______________________
වැටේ ඉනි පැල කඩුලු ගැලවෙන
හඩ ඇසී සිත උනි ගැතී
මා වවුලො සැරිසරයි වටපිට
සොලව සොලවා අතු ඉතී
දෙපා වාරුව නැති උනේ මගෙ
අත්ත බිදගෙන බිම වැටී
මගේ යහනෙන් හොරෙන් පියඹා
කොහේ යනවද සඳ වතී
__________________________________________
අඳුර කැන්දන් පාළු ගෙපැලට
ගොම්මනේ වැහි පොද ඇදන්
ගෙදර එළියට පහන තිබ්බට
පහනෙ එලියද හොරු අරන්
කට්ට කලුවරෙ එලියෙ ලී ඇද
අඩනකොට තාලෙට වරන්
වඩින කිරි මව් වරුන් අතරට
නුබෙ රුවත් එහි එක් කරන්
 

කවිකාරයා