Thursday, January 16, 2025
Follow Us
යළි නොඑන්නට චුත වෙමී
මව් පියන් හෙළු අකුල් හින්දා
මවෙත පිටු පෑ පෙම්බරා
මගේ මරෙණට නාපු හින්දයි
ආවෙ දකිනට හිත පුරා
රෑ පානෙ නිදි වරාගෙන
කල්පනා කරනව දුටු නිසා
උඹේ උරපතු බර නොවෙන්නට
හිස තිබ්බෙ මං ඇලවෙලා
බලෙන් වාගෙම උඹව බැන්දූ
අම්මලත් විරසක වෙලා
දික්කසාදෙට කොලේ ලියලා
මක් කරනවද තනිවෙලා
හැඩට තිබු මුව කැත කරන් උඹ
ඉන්න හැටි බමුණෙක් වගේ
ලොවෙත් නැති මන් ආයෙ එනකන්
ඉන්න උඹටත් නුහුගුණේ
උඹට මට තිබු හීන විඳවනු
බැරි නිසා මන් මියැදුණේ
ඒත් උඹ දුක් විඳිනු දකිනට
මළත් මට තව බෑ අනේ
මහත්තයො මන් ඇවිත් ඉන්නේ
උඹට තනියක් නොදෙනෙමී
නුඹත් එක්කල යනෙන තැනකට
පසුපසින් මන් පැමිණෙමී
නුඹට කරදරයක් කරන්නට
කිසිවෙකුට ඉඩ නොතබමි
වෙන හිතක් ළඟ නතර වුණු දා
යළි නොඑන්නට චුත වෙමී
 
පුංචි කවිකාරි