Monday, December 30, 2024
Follow Us
එක දවසක් එවී, එදාට
එක දවසක් එවී, එදාට .
ගමේ මිනිස්සු කියයි , අනේ කොතන දැක්කත් හිනා වෙලා යනවා... සමහරු කියයි ...
එයා මා එක්ක කතා කරන කම් මං හිතන් හිටියෙ හරි ආඩම්බරයි කියල ... පව් අනේ එහෙම නෑ ... හරි හොඳයි ...

අතරෙ නෑදෑයො ... මොන වැඩේ කරන්න ගියත් එයා එතන සහයෝගයෙන් වැඩ කලා... හැබැයි හිනාවෙනම් කිසි අඩුවක් නෑ .... මොන දේ කළත් විකාර කතාවක් කියල හරි හිනාවෙනවා.... පව් ....

යාලුවො ....
උන් නම් මොනවා කියයි ද මංද ...හිතද්දි ත් භය හිතෙනවා.... මේහෙම නම් අනිවාර්යයෙන් කියයි ... පිස්සු ඕකිට නම්... හිනාවෙලා මයි හැමතිස්සෙම , ... රංඩු වෙන්නත් දන්නෙ ම නෑ ... ඉස්කෝලේ යාලුවෙක් එහෙම කියයි ... .. වැඩ කරපු තැන්වල අය දැනත්තොත්.... වැඩක් භාරගන්න නම් ඒක හරියට වෙලාවට කලා.. අසාධාරණය නම් පේන්න බෑ ... පව් ... හිනා වෙන්න නම් දන්නෙ ම නෑ ....
ඔහොම කියන අය අතරෙ .... බනින අයත් ඉදීද.... නෑ ...මිනිස්සු මැරුන කෙනෙක් ගැන හොඳ තමයි කියන්නේ ... ජීවත්ව ඉන්න කම් බැන්නට මැරුණු කෙනෙක්ට බනිනවා හරි අඩුයි....
මාව හොඳටම දන්න මගෙ යාලුවො කීප දෙනා .... මොනවා කතා වෙයිද කියල ... මේ post එක share කරහම දැන ගන්න පුළුවන් 
මගෙ එකම නංගී එයා මොනවා කියයිද මං ගැන .... එයා අනිවාර්යයෙන් මතක් කරයි එයා එක්ක රංඩු වුන ඒවා... මං එයාගෙ සෙල්ලම් ගෙවල් කඩල දාපු හැ⁣ටි... එයා මට ගැහුවහම මම බොරුවට කලන්තෙ දාලා වැටෙන හැටි...
ඒ මොනවා කළත් මං එයාට ආදරේ කලා කියල එයා අනිවාර්යයෙන් කියයි.... එයාගෙ සතුටෙදි මං හිටියෙ නැති වුනත් දුක නම් ඇහුවා කියල එයාට මතක් වෙයි... මං මෙහෙම හිතුවට සමහරවිට එයා කා එක්කවත් මුකුත් ම කියන එකක් නෑ ... මොකද එයා වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි .... හැබැයි එයා ට මාව මගඇරලා තිබුණා කියල එයාට මතක් වෙයි ...ඒකත් එයාට දැනෙයිද නැද්ද කියල මට හරියටම කියන්න බෑ ..... මොකද මං හිතන විදිහට නෙ මම ලියන්නෙ ....
නංගී ගෙ පුංචි පැටව් දෙන්න .... උන් දෙන්න අඬයි ... කෙල්ලොනෙ ඉතින් ....
මම්මා ... අනේ එයා සමහර වෙලාවට පොඩි එකෙක් වගේ... ඒ වගේමයි ඉතින් තරහ ගියහමත්.... මං ගියොත් මගෙන් වැඩක් ගන්නව එයා... චූටි දෝනි එහෙමත් කියයි ....
අම්මා .... කියයි ... මං දන්නෙ නෑ ..ඇත්තටම එයා මොනවා කියයි ද කියල ... අනිවාර්යයෙන් අඬයි....
චූටි කාලෙ ඉදල එයා එක්ක කතා කරන්න හිටියෙ මං කියල කියයි , මොකද නංගී වැඩි කතාවක් නැති වුනා ට මම අම්මා එක්ක පැය ගනන් තියවන්න හරි ආසයි.... මොන දේ කළත් අම්මා එක්ක ගේම ඉල්ලුවෙත් මං කියල අම්මා කියයි .... 
මගෙ ජීවිතේ තව අම්මා කෙනෙක් ඉන්නව , එයාට මං හරි ලස්සනට පෙනුණා හැමතිස්සෙම , මගෙ මොන ප්රශ්නයක් කිව්වත් මට උදව් කල කෙනා... එයා අඬයි....... මගෙ හොඳ විතරයි එයාට දැනුනෙ....
මොකද මං එයා එක්ක තර්ක කරලම නෑ නෙ ... එයා කියයි ..... පව් මගෙ කෙල්ල මං ළඟ හිටිය නම් මොහම වෙන්නෙ නෑ කියල ...
ගෙවපු ජීවත කාලෙන් භාගයකට අධික කාලයක් මම ගෙවල තියෙන්නේ එක්කෙනෙක් වෙනුවෙන් . ඒයා... අඬන එකක් නෑ ... මොකද මං දැකල නෑ එයා අඬනවා... කරන්න තියෙන වැඩ ටික කරයි.... සමහරවිට මං හිතන දේ නොවෙන්නත් පුළුවන් ... එයා සෑහෙන්න කඩා වැටෙන්න ඉඩ තියෙනවා .මොකද ජීවත් වෙනකම් ම එයාගෙ වැඩ කලේ මං නිසා... ඇඳුමක් වත් හොයාගෙන අදින්නෙනෑ... මං ඔක්කොම එයාට ළගට දුන්න. එහෙමත් දවසක තමයි මට ඒව මගඇරුනනම්... එයාට මං ඉන්න කම් මාව දැනුනෙ නැති වුනාට අනිවාර්යයෙන් මං නැති දවසක එයාට මාව හොඳටම දැනෙයි කියල මට ලොකු විස්වාසයක් තියෙනවා . .... ඒත් ඉතින් එදාට මම නෑ නෙ ...
මට හිතන්න අමාරු ම දේ තමයි මගෙ කුසින් වදාපු මගෙ පැටව් දෙන්න මොනවා හිතයිද .....මොනවා කියයි ද කියන එක..
එයාල දෙන්න තාත්තා ට වඩා ළඟ මට ...
එයාල දෙන්නව දකින දන්න අය කියනවා ...
අනේ කොල්ලො දෙන්න නම් ලස්සනට හදල තියෙනවා ... හරිම හොඳයි ළමයි දෙන්න... වැඩක් කරන්න ගියත් ... ඒක හරියටම කරනවා...
ගතිගුණ කියල වැඩක් නෑ ...
ඉතින් මගෙ දරුවො දෙන්න මං ගැන මෙොනවා හිතුවත් මට ඒක ට වඩා වටින්නෙ ...එයාල ⁣දෙන්නව දැකලා එයාල ගැන සමාජයෙ කතා වෙන දේ පමණයි....
මං මැරෙන්නෙ ....සමාජයට වටින හොඳ ගතිගුණ තියෙන වැඩදායි දරුවො දෙන්නෙක් ගෙ මවක් විදිහට ....
දන්නව ද .... මනුස්සයෙක් සම්පූර්ණ ⁣වෙන්න ... ගහක් හිටවන්න ඕනලු, පොතක් ලියන්න ඕනලු... දරුවන් හදන්න ඕනලු... ඒක නිකම්ම වචන වලට සීමා වෙන දෙයක් නෙවෙයි ...ලොකු අර්ථවත් බවක් තියෙනවා ...
මං සතුටින් මැරෙන්නෙ ... සම්පූර්ණ මනුස්සයෙක් විදිහට ...
මරණයට කලින් මරණයට පසු සිදුවීම් හිතලා බලන්න පුළුවන් නම්... ඔයාට ඔයාගෙ අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි... මං මේ කරන්නේ ඒක....
හිතල බලන්න ...අවසරයි සමුගෙන යන්න ..
ආදරෙයි හැමෝටම .
 
නදීරා සමරක්කොඩි